ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී වයස අවුරුදු 18 ක තරුණයෙක් සහ අවුරුදු 15ක් තරුණියක් කැළණි ගඟට පැනීමෙන් සියදිවි හානිකර ගෙන ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (11) රාත්‍රි 11.15 ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
කැළණි ගඟට පනින ලද මෙම තරුණ යුවල ගේ සිරුරූ මේ දක්වා සොයා ගැනීමට හැකිවී නැති බවත්, පොලිසිය සහ නාවික හමුදා කිමිදුම්කරුවන් එක්ව මේ වන විට සෝදිසි මෙහෙයුමක් සිදුකරමින් සිටියි.
මෙලෙස ගඟට පැන ඇත්තේ මොරගස්මුල්ලේ පදිංචි තරුණියක් සහ රාජගිරියේ පදිංචි තරුණයෙක් බවයි පොලිසිය සඳහන් කර සිටියේ.