Thursday, February 13, 2025

General line - 0115112241

නොහික්මුණු රියදුරෙකුගේ වැඩක් කැමරාවේ සටහන් වෙයි (VIDEO)




දිනකට මෙරට තුල සිදුවන මාරක රිය අනතුරු නිසා අහිමිවන මිනිස් ජිවිත ගණන 08 කට අධික බව පොලිසිය පවසනවා. ඒ හේතුවෙන් මාර්ග නීති පිළිපැදීම සහ ඒවා අනුගමනය කිරීම සියලු රියදුරන්ගේ යුතුකම බව පොලිසිය පුන පුනා කියා සිටියත් ඒවා පිළිපැදීම අතින් රටේ ඇතැම් රියදුරන් කටයුතු නොකරන බවයි පෙනී යන්නේ.

අද දිනයේදී වත්තල ප්‍රදේශයේදී සිදුවූ මෙම සිදුවීම ඊට හොඳම නිදසුනයි. කොළඹ දෙසට ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක් තමන් ගමන් කරමින් තිබු මංතීරුවේ ඇතිවූ වාහන තදබදයක් හේතුවෙන් කිසිදු ඉවක් බවක් නොමැතිව ඊට ප්‍රතිවිරුද්ධ දෙසට වාහන ධාවනය වන මංතීරුවට ඇතුල් කර තිබෙනවා.

ඒ අවස්ථාවේදී ඉදිරියෙන් පැමිණි වාහනයේ රියදුරු සිය වාහනයේ සවිකර ඇති කැමරාවේ පටිගත වූ වීඩියෝව සමාජ මාධ්‍ය වෙත යොමුකර තිබුනේ මෙවැනි රියදුරන් ගැන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ නිතිය ක්‍රියාත්මක කරන පොලිසියට ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගන්නේ නම් අහිමිවන අහිංසක ජිවිත ගණන කොතෙක්දැයි යන ප්‍රශ්නයද ඇති කරමින්ය.

මේ එම වීඩියෝවයි :