ජපානයට ඇතුළුවීමට නියමිත හැගිබිස් සුළුකුණාටුව හේතුවෙන් අද රාත්‍රියේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්වයාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමනක් කල්දමා තිබෙනවා.
UL 460 දරණ ගුවන් යානය නරීටා ගුවන් තොටුපොළ බලා කටුනායක ගුවන් තොටුපොළින් පිටත්ව යාමට නියමිතව තිබුණේ අද (12) රාත්‍රී 07.15 ටයි. පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එය හෙට (13) අලුයම 02:35 දක්වා පැය 07 කින් ප්‍රමාද කර ඇති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කළේ.
හැගිබිස් සුළි කුණාටුව අද පස්වරුවේ ජපානයට ඇතුළුවීමට නියමිත බවට එරට කාලගුණ බලධාරීන් අනතුරු අගවා තිබෙනවා.