Thursday, February 13, 2025

General line - 0115112241

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට




පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු ත්‍රිකුණාමලය, සූදිකුඩා ප්‍රදේශයේදී නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 1,354 ක් කැබ් රථයකින් ප්‍රවාහනය කිරීමට උත්සාහ දැරීමේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 27 ත් 36 ත් අතර වයස් සීමාවල පසුවන මුතුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින්, නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් තොගය, අදාළ යාත්‍රාව සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුතුර් ධීවර පරික්ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.