එක්සත් ජාතික පක්ෂයේ හාරිස්පත්තුව ආසනය සඳහා සිංහල සහ මුස්ලිම් සම සංවිධායකවරු දෙදෙනෙකු පත් කරන්නැයි යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ හාරිස්පත්තුව එක්සත් ජාතික සංසදය විසින්.
දැනට එම ආසනයේ සංවිධායක ලෙස අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් කටයුතු කරන අතර ඒ සඳහා සිංහල ආසන සංවිධායකවරයෙකු ද පත් කරන ලෙසයි එම සංසදය ඉල්ලා ඇත්තේ. හාරිස්පත්තුව එක්සත් ජාතික සංසදයේ රැස්වීමකදී අදාළ යෝජනාව ඉදිරිපත් කළ බවයි එහි සභාපති අතුල අල්විස් සඳහන් කළේ.