අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇල්ල සිට රාවණා ඇල්ල දක්වා කොටසේ ස්ථාන කිහිපයකට අද (12) පස්වරුවේ ගල් සහ පස් කඳු කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කිරීමේදී විමසිලිමත් වන ලෙසයි, පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. රාවණා ඇල්ලේ ජලය ද වැඩි වී ඇති බැවින් ඇල්ල ආශ්‍රිත දිය නෑමෙන් වළකින ලෙස ද මෙහිදී සිහිපත් කෙරුණා.
මේ අතර මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද රාත්‍රියේ මිලි මීටර 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මාතර, බදුල්ල, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ද අද රාත්‍රී කාලයේ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.