කිලිනොච්චිය ප්‍රදේශයේදී පොලිසිය විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ කිහිපයක් සමග සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
කන්තලේ, සේරුනුවර ප්‍රදේශයේ කිලිවෙඩ්ඩි පාලම අසල පිහිටි යුධ හමුදා කඳවුරේ නිලධාරියෙක්ට ලද තොරතුරක් මත ටී-56 වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදී ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සැකකරුවෙක් වේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී එහි සඟවා තිබු මෙම ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවී ඇත්තේ.
එම නිවසේ සිටි මෙම සැකකරුගේ බිරිඳ සහ ඇයගේ සොහොයුරියද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සේරුනුවර ප්‍රදේශයේදී යුධ හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයෙක් බවට හෙළිවී ඇත.
කිලිනොච්චියේ පිහිටි ඔහුගේ නිවසේ තිබී පොලිසිය විසින් සොයා ගනු ලැබූ ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය පහත දැක්වේ :