Friday, February 14, 2025

General line - 0115112241

ශ්වේත පූජා අද මහියංගණය ඓතිහාසික රාජමහා විහාරස්ථානයේදී




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කළ ශ්වේත පූජා වැඩසටහන මහියංගණය ඓතිහාසික රාජමහා විහාරස්ථානයේදී මේ වන විට ද පැවැත්වෙනවා. ඒ යටතේ අද (13) රාත්‍රියේ සිදු කෙරෙන පිං කටයුතු සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කරගන්නවා, නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්.

 

....................................................

නෙත් එෆ්. එම්. රේඩියෝවේ පොහොය දින ශ්වේත පූජා වැඩසටහන මහියංගණය ඓතිහාසික රාජමහා විහාරස්ථානයේදී මේ වනවිට පැවැත්වෙනවා.

එහි සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිතයා සඳහන් කළේ "උදෑසන අෂ්ඨාංග සීලය සමාදන් කරවීමෙන් අනතුරුව නෙත් එෆ්. එම්. රේඩියෝවේ සජීවි පිංකම් මාලාව ආරම්භ වුණා.  අද රාත්‍රි 9.00 දක්වාම විවිධ පිංකම් සහ පූජාවන් රැසක් මෙහිදී සිදු කිරීමට නියමිතයි. අවට සිටින සියලුම දෙනාට මෙම පිංකම් සමග එක්ව පිං රැස්කර ගන්නා ලෙස විවෘත ආරාධනාවක් සිදු කරනවා. රාත්‍රි 8.00 ආශිර්වාද ගිතෙල් මහා පහන් පිංකමත් සංවිධානය කර තිබෙනවා." යන්නයි. 

රට පුරා සෙසු විහාරස්ථාන සියල්ලකම පාහේ ද වප් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් අද විවිධ පිංකම් සංවිධාන කර තිබෙනවා.