Thursday, February 13, 2025

General line - 0115112241

ජනාධිපතිවරණයට අදාළව ලැබෙන පැමිණිළිවල තත්ත්වය මෙන්න




ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට ලැබී ඇති පැමිණිළිවලින් බොහොමයක් රාජ්‍ය බලය සහ දේපළ අවභාවිත කිරීමේ සිද්ධීන් බව පැෆරල් සංවිධානය පවසනවා.

ඒ සම්බන්ධයෙන් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

"ජනාධිපතිවරණයට අදාළව මේ වන විට සිදුවීම් 43ක් පැෆරල් සංවිධානයට වාර්තා වෙලා තියෙනවා. මේ අතරින් වැඩිම ප්‍රමාණයක් හැටියට සහ නිරන්තරයෙන් වාර්තා වෙන්නේ රාජ්‍ය බලය සහ දේපළ අවභාවිතා කිරීමට අදාළ කාරණා. රටේ සංවර්ධන ව්‍යාපෘති සහ සහනාධාර ව්‍යාපෘති හරහා ඡන්ද දායකයින්ට මානසික අල්ලස් ලබාදීම් වාර්තා වුණා. සියලු පැමිණිළි අපි මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කරන්න ක්‍රියා කරනවා."

ජනාධිපතිවරණයේ ගුණාත්මක භාවය ආරක්ෂා කරගන්නට සියලු අපේක්ෂකයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ක්‍රියා කළ යුතු බවයි පැෆරල් සංවිධානය පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා සිය සංවිධානය යොදා ඇති කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.