Thursday, February 13, 2025

General line - 0115112241

චමරිගෙන් කාන්තා බර ඉසිලීමේ වාර්තා 03 ක්




කිලෝග‍්‍රෑම් 55 කාන්තා බර පන්තියෙන් නව බර ඉසිලීමේ වාර්තා 03 ක් තැබීමට චමරි වර්ණකුලසූරිය සමත් වුණා.

ඒ, 45 වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේදීයි. එහිදී ඇය ස්නැච් ක‍්‍රමයට එසවූ කිලෝග‍්‍රෑම් 77 සහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට එසවූ කිලෝග‍්‍රෑම් 96, නව ශී‍්‍ර ලංකා වාර්තා ලෙස සටහන් වුණා.

ඒ අනුව, ඇය එසවූ මුලූ බර වූ කිලෝග‍්‍රෑම් 173 ද කිලෝග‍්‍රෑම් 55 කාන්තා බර පන්තියේ නව ශී‍්‍ර ලංකා වාර්තාවක් වනවා. මෙවර  45 වන ජාතික මහා කී‍්‍රඩා උළලේ දක්ෂතම බර ඉසිලීමේ කී‍්‍රඩිකාව ලෙස ද චමරි වර්ණකුලසූරිය සම්මාන දිනා ගත්තා.