Thursday, February 13, 2025

General line - 0115112241

පැරදිලා පැරදිලා දිනපු හැටි කබීර් මතක් කරයි

අශේන් බණ්ඩාර




ඡන්ද පදනමක් සහිත සුළු පක්‍ෂ ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය දක්වන්නේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට බව අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.

කෑගල්ල ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියාසිටියා. එහිදී "දැනට ඡන්ද පදනමක් තියෙන සුළු පක්ෂ අපිත් එක්කයි ඉන්නේ. ඡන්ද හයියක් තියෙන තවත් එකක් දෙකක් අපිත් සමග ඉදිරියේදී එකතු වෙයි. සජිත් ප්‍රේමදාස මහතාගේ අලුත් දර්ශනයට බොහෝ දෙනෙක් පක්ෂ භේදයකින් තොරව කැමැත්ත දක්වනවා. ශ්‍රීලනිපයේ ලොක්කො ටික ඒ පැත්තට ගියාට ඒ පක්ෂයේ ඡන්ද ටික එන්නේ මේ තැත්තටයි." යනුවෙන් සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේ "ගමේ ඡන්දයයි රටේ ඡන්දයයි දෙකක්. අපිට අත්දැකීම් තියෙනවා. අපි අභියෝගවලට මුහුණ දීලා අරගල කරලා දිනපු පක්ෂයක්. 2014 වසරේ සෑම ඡන්දයක්ම UNP පරදිනවා. බස්නාහිර පළාත් සභාව නැති වෙන්නම යනවා. හැබැයි මාස දෙකකින් ජනාධිපතිවරණය අපි දිනනවා. ඒක තමයි UNP කියන්නේ. අපේ හයිය." යනුවෙනි.