Thursday, February 13, 2025

General line - 0115112241

දෙහිවල ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම තහනම්  - ජනතාව දැනුවත් කෙරේ




දෙහිවල පොලිස් වසමේ ගාලු පාර දෙහිවල ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම හේතුවෙන් බහුලව රිය අනතුරු සිදු වන බැවින් ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව හා රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ගත් තීරණයක් මත ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම 2019.10.10 වන දින සිට තහනම් කර තිබෙනවා.

කාලයක් තිස්සේ ගුවන් පාලම මතින් යතුරුපැදි කරුවන් ගමන් කිරීමට පුරුදු වී තිබීම හේතුවෙන් තහනම් පුවරු සවිකර තිබුණද යතුරුපැදිකරුවන් මෙම පාලම මතින් ගමන් කරන බැවින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් දැනුවත් කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.