හෝටලයක් තුළ ෆේස්බුක් සමාජජාලය හරහා සම්බන්ධ වූ තරුණ තරුණියන් පිරිසක් විසින් සංවිධානය කළ සාදයක් වටලා තරුණයින් 21ක් සහ තරුණියන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
ඒ ඔවුන් සතුව තිබූ හෙරොයින්, අයිස්, ගංජා යන විෂ මත්ද්‍රව්‍ය ද සමගින්.
ඊයේ (12) රාත්‍රි කාලයේදී අවිස්සාවේල්ල තැඹිලියාන ප්‍රදේශයේ හෝටලයක මෙම සාදය පවත්වමින් සිට තිබෙනවා.
අත්අඩංගුවට පත් තරුණ තරුණියන් ඇඹිලිපිටිය, දෙහිඕවිට, කොස්ගොඩ, කොළඹ, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
පොලිසිය සඳහන් කළේ ඔවුන් සතුව හෙරොයින් මිලිග්‍රෑම් 1315ක් අයිස් මිලිග්‍රෑම් 525ක් සහ ගංජා ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 210ක් තිබී සොයාගත් බවයි.
පිරිස අද (13) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.