Thursday, February 13, 2025

General line - 0115112241

තොණ්ඩමන්ගේ පක්ෂයේ අවසන් තීරණය දැනුම් දෙයි

රංජිත් රාජපක්ෂ




ඉදිරි ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ පුර්ණ සහයෝගය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට තම පක්ෂයේ විධායක සභාව අද (13) තීරණය කළ බව එම පක්ෂයේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආරමුගන් තොණ්ඩමන් පැවසුවා.

හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථනායේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය කුමන අපේක්ෂකයාට ලබාදෙන්නේ ද යන්න පිළිබඳව අද (13) පැවති එම පක්ෂයේ විධායක සභා රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේදී තොණ්ඩමන් ඒ බව සඳහන් කළා. 

වතුකරයට බලපාන ප්‍රධාන ගැටළු 32 සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා පැවැත්වු බවත්, එම සාකච්ඡාවලට ලැබුණු ප්‍රතිචාර සම්බන්ධයෙන් තම පක්ෂයේ විධායක සභාව වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විධායක සභාව ජනාධිපති අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාට පුර්ණ සහයෝගය ලබදිය යුතු බවට තීරණය කළ බවයි තොණ්ඩමන් කියා සිටියේ.