Thursday, February 13, 2025

General line - 0115112241

අවසන් තීරණයට පෙර දෙමළ සන්ධානය ගෝඨාභය හමු වෙයි

දිනසේන රතුගමගේ




ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් සහාය දක්වන්නේ කුමන අපේක්‍ෂකයාටද යන්න දෙමළ ජාතික සන්ධානය එළඹෙන සතිය මැදදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. සම්බන්ධන්ගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද කැඳවා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මීට පෙර දෙමළ ජාතික සන්ධානය අවස්ථා කිහිපයකදී සාකච්ඡා පැවැත්වුවා. මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු විවිධ මත ඉදිරිපත් කිරීම හේතුවෙන් එම සාකච්ඡා අවසන් වූයේ එකගතාවකින් තොරවයි.

කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානයේ එළඹෙන සතියේ පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාවට පෙර එම සන්ධානයේ නියෝජිතයින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සමග සාකච්ඡා කිරීමටද අවස්ථාවක් ඉල්ලා තිබෙනවා. ඒ, උතුරේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ඔහු දක්වන මතය පිළිබද විමසීම සඳහායි.

මීට පෙර දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් උතුරේදී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සමගද සාකච්ඡා පැවැත්වුවා. 

අවසන් සාකච්ඡාවට පෙර සිය සන්ධානය ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක සමගද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් නෙත් නිවුස් වෙත සඳහන් කළේ.