ඉදිරි ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පති‍්‍රකා ලබන මස 6 වැනිදාට පෙර මැතිවරණ කොමිසම වෙත ලබාදෙන බව රජයේ මුද්‍රණාලය පවසනවා.
මේ වනවිට ජනාධිපතිවරණයට අදාළ සෙසු මුද්‍රණ කටයුතු සියයට 90 ක් පමණ අවසන් කර ඇති බවයි රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ නෙත් නිවුස් වෙත පැවසුවේ.
විශේෂ ආරක්‍ෂාවක් යටතේ එම කටයුතු සිදුවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මෙවර ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද පති‍්‍රකා එක් කෝටි හැත්තෑ ලක්‍ෂයකට අධික ප‍්‍රමාණයක් මුද්‍රණය කිරීමට නියමිතයි.
ඉකුත් ජනාධිපතිවරණයට සාපේක්‍ෂව මුද්‍රණය කටයුතු සඳහා වැය වන මුදලද දෙගුණයකට වඩා ඉහළ ගොස් ඇති බවයි රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ පැවසුවේ.
මෙවර ජනාධිපතිවරණයට අපේක්‍ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත්වීම හේතුවෙන් නිල ඡන්ද පති‍්‍රකාව අගල් 26 ක් පමණ දිගකින් යුක්තයි. මේ හේතුවෙන් එම නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීමට අමතර පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා.