Thursday, February 13, 2025

General line - 0115112241

පවතින විදුලි ඉල්ලුම සඳහා මෙගාවොට් 500ක් පෞද්ගලික අංශයෙන් ගන්න අවසර ඉල්ලයි




පවතින විදුලි ඉල්ලූම හේතුවෙන් මාස 30 ක කාලයක් සඳහා මෙගාවොට් 500 ක විදුලි ධාරිතාවක් පෞද්ගලික අංශයෙන් මිළදී ගැනීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඊට අනුමැතිය ලබාගැනීම සඳහා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිත බවයි එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන නෙත් නිවුස් වෙත පැවසුවේ.

නොරොච්චෝලේ ලක්විජය ගල්අගුරු බලාගාරය නඩත්තු කටයුතු සඳහා දින 75ක කාලයක් ඉදිරියේදී විදුලි ඡනන කටයුතුවලින් ඉවත් කෙරෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ වනවිට නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙරවළපිටිය බලාගාරයේ විදුලි ඡනන කටයුතුද නතර කර ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන සදහන් කළේ.