එක්සත් ජාතික පක්‍ෂය උතුරේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට අසමත්වීම හේතුවෙන් මෙවර ජනාධිපතිවරණයේදී එම ජනතාවගේ සහාය ලබාගැනීමට උතුරේ දේශපාලනඥයන්ට නොහැකි වී ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.
කොළඹ පැවති වැඩසටහනක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ "2015 වසරේදී පැවැති පාලනය බිඳ දමන්නට උතුරේ ජනතාවගේ විශාල උනන්දුවක් තිබුණා. ඒ උනන්දුව සහ දායකත්වය මත ගොඩනැගුණු ඒගොල්ලොන්ගේ මූලික ප්‍රශ්න ටිකක් තිබුණා. ඒ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ආණ්ඩුව අසමත් වී තිබෙනවා. ඒ නිසා උතුරේ දේශපාලන නායකයින් අර්බුදයක ඉන්නවා..නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න කියලා උතුරේ මිනිස්සුන්ට මොකක්ද කියන්නේ කියලා. අලුත් දෙයක් කියන්න නෑ. ඒ නිසා මේ සැරේ උතුරේ හැසිරීම කිසියම් වෙනසක් තියෙනවා." යනුවෙනි.