Thursday, February 13, 2025

General line - 0115112241

දින 04කදී මැතිවරණ කොමිසමට පැමිණිලි 459ක්




ගත වූ දින හතරේදී පමණක්, ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රීක් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන වෙත පැමිණිලි 459ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාව පැවසුවේ ප්‍රචන්ඩ ක්‍රියා 11ක්ද ඒ අතර වන බවයි. ඊයේ පස්වරු 4යි 30න් අවසන් වූ පැය විසි හතරේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි 84ක් ලැබී තිබෙනවා. ඒ අතර ප්‍රචන්ඩකාරී සිදුවීම් දෙකක්ද වන බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.