Thursday, February 13, 2025

General line - 0115112241

සමාජ මාධ්‍ය හරහා ජනතාව රවටා මුදල් වංචා කිරීමේ ජාවාරමක් හෙළි වෙයි




සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් සමාජ මාධ්‍යජාල ඔස්සේ හා අන්තර් ජාලය හරහා ජනතාව රවටා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසනවා. එම වංචාකරුවන් සමාජ ජාල හරහා ඇති කර ගත් හිතවත්කම් මත මෙම වංචාව සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් විවිධ රටවල ලොතරැයි දිනුම් ඇදීම් හෝ ත්‍යාග ජයග්‍රහණය කර ඇති බව පවසමින් මුදල් වංචා කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. එමෙන්ම රාජ්‍ය නොවන සංවිධාන විසින් තෝරාගත් පිරිසකට ද්‍රව්‍යමය හා මුදල් ආධාර ලබාදීම සදහා මුදල් සහ දේපළ අවශ්‍ය බව පවසමින් මෙම පුද්ගලයින් මුදල් වංචා කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

එලෙස මුදල් ලබාගැනීම් හෝ ත්‍යාග ලබාගැනීම් සදහා මුදල් තැන්පත් කිරීම වගකිවයුතු ආයතනයකින් විමසීමකින් තොරව සිදු නොකරන ලෙසයි පොලීිසිය මහජනතාවට දැනුම් දෙන්නේ.