Thursday, February 13, 2025

General line - 0115112241

රටට අවශ්‍ය නායකයින් ගැන මල්වතු අනුනාහිමිගෙන් ප්‍රකාශයක්

ජේ. ඒ. එල්. ජයසිංහ




මෙරට දේශපාලනයට අවශ්‍ය වන්නේ වංචාව, දූෂණය පිටු දකින අවංක බුද්ධිමත් පුද්ගලයින් බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ දේශපාලනයට අවශ්‍ය වන්නේ රටට ආදරය කරන පිරිසක් බවයි.

එමෙන්ම සම්බුද්ධ  ශාසනයට ද ලැදි, රටට සේවය කිරීමට හැකි පුද්ගලයින්ගේ අවශ්‍යතාවය රටට දැනෙමින් ඇති බව ද මල්වතු පාර්ශවයේ අනුනායක හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළා. උන්වහන්සේ මෙම අදහස් පළ කළේ මහනුවර අද (13) පැවති වැඩසටහනකට එක්වෙමින්.