Friday, February 14, 2025

General line - 0115112241

පවතින් පාලන ක්‍රමය වෙනස් කරන්න ජනතාව රැස්වෙලා ඉවරයි : විපක්ෂ නායක 




රටේ පවතින පාලනය වෙනස් කරන්න රටේ ජනතාව ඒකරාශී වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ ගැන හොදම උදාහරණය පසුගියදා ඇල්පිටියේ පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයේදී පෙන්නුම් කර ඇති බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියේ. කඩවත පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම අමතමින් මේ බව ප්‍රකාශ කර සිටියා.

පසුගිය වසර කිහිපය තුලදී මේ රජය සිදුකලේ දේශපාලන පලිගැනීම් පමණක් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරනු ලැබුවේ. මේ රජයට කිසිදු වැඩක් කරන්න බැරි ආණ්ඩුවක් බව කියා සිටියා. රටේ සංවර්ධනය සඳහා කිසිදු දෙයක් සිදු නොකළත් තම ආණ්ඩු සමයේදී සංවර්ධනය කටයුතු වලදී කිසිදු ප්‍රමාදයක් සිදුනොකළ බව කියා සිටියේ.

රටේ ඒක පුද්ගල ආදායම තම ආණ්ඩුව සමයේදී සියයට 7.6ක් ව පැවති බවත් මේ වන විට එය සියයට 1.6ක් දක්වා පහත බැස ඇති බවයි මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ. මේ රටේ සිදුවූ වංචාව, දුෂණය සහමුලින්ම නැති කිරීමට නව රජය කටයුතු කරන බවද සඳහන් කළා.