Friday, February 14, 2025

General line - 0115112241

ස්වයංපෝෂිත රටක් වෙනුවෙන් සජිත්ගෙන් මාස 48 ක වැඩපිළිවෙලක්




තමන් ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු මෙරට වාරි සහ කෘෂි කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් මාස 48 ක වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ රටක් ලෙස ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත කිරීමේ වගකීම අනිවාර්යයෙන්ම ඉටු කරන බවයි.

සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේම ආර්ථික ශක්තිය වර්ධනය කිරීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙහිදී ප්‍රකාශ කළේ.

ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළ කළේ, වැල්ලවායේ අද පැවති ජන රැළියකට එක්වෙමින්.