Friday, February 14, 2025

General line - 0115112241

LTTEයට සම්බන්ධ තවත් 05 ක් මැලේසියාවේදී අල්ලයි




LTTE සංවිධානයට සම්බන්ධ බවට සැකපිට තවත් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මැලේසියානු පොලිසිය සමත් වී තිබෙනවා. ඒ, එරට ක්වාලාලාම්පූර් අගනුවර ආසන්න ප්‍රදේශ 03 කදීයි. එරට පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් LTTE සංවිධානය ප්‍රවර්ධනය කිරීමට සහය පළ කර ඇති බවයි.

ඉකුත් 10 වනදා ද LTTE සංවිධානයට ආධාර අනුබල දුන් 07 දෙනෙකු මැලේසියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අතරට එරට දේශපාලඥයින් දෙදෙනෙකු ද අයත්. මැලේසියානු පොලිසිය පවසන්නේ, අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් මැලේසියාවේදී පමණක් නොව ශ්‍රී ලංකාවෙන් පිටතදී යළි LTTEය පණ ගැන්වීම වෙනුවෙන් කටයුතු කර ඇති බවට සැක කරන බවයි.

ගත වූ කාලය තුළ LTTE සංවිධානයට සම්බන්ධ 25 දෙනෙකු ද, අයි එස් ඇතුලු අන්තවාදී සංවිධානවලට සම්බන්ධ 796 දෙනෙකු ද මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබී විශේෂත්වයක්.