සිය මව්රටේදී අඛණ්ඩව වැඩිම ටෙස්ට් ක්‍රිකට් තරඟාවලි සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත්වීමට ඉන්දීය කණ්ඩායම අද (13) සමත් වුණා. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟය ද විශිෂ්ට ලෙස ජය ගනිමින්. ඒ අනුව, ඉන්දියාව 2013 වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා සිය මව්රට තුළදී අඛණ්ඩව ජයගෙන ඇති ටෙස්ට් තරඟාවලි සංඛ්‍යාව 11 ක්. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ තරඟාවලි 10 ක් ජයගෙන සිටි ඕස්ට්‍රේලියාවයි.
ඉන්දියාව අද ලැබූ ජයග්‍රහණය සටහන් වූයේ විරාත් කෝලිගේ නායකත්වය යටතේ ඉන්දියාව ලැබූ 30 වන ටෙස්ට් ජයග්‍රහණය ලෙසයි. කෝලි නායකත්වය දී ඇති ටෙස්ට් තරඟ සංඛ්‍යාව 50 ක්. ඒ අනුව, නායකයෙකු ලෙස ටෙස්ට් තරඟ 50 කදී සිය කණ්ඩායම මෙහෙයවා, ඉන් තරඟ 30 කට වැඩි සංඛ්‍යාවක් ජයග්‍රහණය කරා රැගෙන ගිය ලොව 03 වන නායකයා වන්නේ ඉන්දියාවේ විරාත් කෝලි.