රත්‍රං බිස්කට් 17 ක් සමග සැකකරුවෙකු කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සොයාගත් රත්‍රං තොගයේ බර කිලෝ 01 යි ග්‍රෑම් 700 ක්. සැකකරු ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
33 හැවිරිදි සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු ඉතා සූක්ෂම ලෙස මෙම රත්‍රං තොගය මෙරටට රැගෙන ඒමට උත්සාහ දැරූ බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.