Friday, February 14, 2025

General line - 0115112241

හිස්බුල්ලා සහ රාසික් ගැන පළ වන වාර්තා පොදුජන පෙරමුණ ප්‍රතික්ෂේප කරයි




විවිධ පුද්ගලයන්ගේ නම් ඈඳාගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ ඇතැමුන් සිදු කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ අංශය පවසනවා. ඒ, ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අද (13) නිකුත් කළ නිවේදනයකින්.

එහි දැක්වෙන්නේ, ඒ.එල්.එම්. හිස්බුල්ලා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ගෝඨාභය රාජපක්ෂට වාසියක් ලබාදීමේ අරමුණින් බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි. එමෙන්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳ අශිෂ්ට ප්‍රකාශයක් සිදුකළ රාසික් නැමැත්තෙකු ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට බර තබමින් සිටින බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ ද තරයේ හෙළා දකින බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන මෙම වාර්තා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අද මෙලෙස අදහස් පළ කළා. 

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පළ කළ අදහස්.