ඇල්පිටිය ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා නම් කර දැනුම්දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව, ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට දැනුම් දී තිබෙනවා.
තේරීපත්වූ සියලූ සභිකයින්ගේ නම් ලැබීමෙන් අනතුරුව මෙම නාම ලේඛණය ඇල්පිටිය දිස්ත‍්‍රික් ලේකම්වරයා වෙත යැවීමට නියමිතයි. ඉන්පසු සභිකයින් ගැසට් පත‍්‍රයක් මගින් ප‍්‍රකාශයට පත් කිරීමටයි නියමිතව ඇත්තේ.
ඒ අනුව සභිකයින්ගේ නාම ලේඛනය ඉදිරි දින දෙක තුළ ප‍්‍රකාශයට පත්කරනු ඇති.
ඇල්පිටිය ප‍්‍රාදේශිය සභා මැතිවරණය ජයග‍්‍රහණය කළ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට හිමි වු සභික සංඛ්‍යාව 17ක්. එම සියලූම සභිකයින් මහජන ජන්දයෙන් තේරී පත්වූ අයයි. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 07ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභික ධුර 03ක් සහ ජනතා විමුක්ති පෙරමුණට සභික ධුර 02ක් ද හිමිවුණා.