Friday, February 14, 2025

General line - 0115112241

ඉදිරි දින කිහිපයේදී වැසි වැඩිවන බවට අනාවැකි




ඉදිරි දින කිහිපයේදී දැනට පවතින වැසි තත්වය තරමක් වැඩිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි  එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්. මේ අතර අද (13) උදෑසන 8.30 න් අවසන් වූ පැය විසි හතර තුළ මිලි මීටර් 113.5ක උපරිම වර්ෂාපතනය රත්නපුර, පඹේගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.