ඉදිවෙමින් පවතින යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපොළ මෙම මස 17 වෙනිදා විවෘත කිරීමට නියමිත බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් සඳහන් කර සිටිනවා.
ඉදිවන යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපොළ අමාත්‍ය අර්ජුන රණතුංග ද නිරීක්ෂණය කළ බව මෙහිදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපල මෙම මස 17 වෙනිදා විවෘත කරන බවයි මෙහිදී ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් අනතුරුව මුලිකව ඉන්දියාව සමඟ සෘජු ගුවන් සේවා පැවැත්වීමට නියමිත බව ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියා.