Friday, February 14, 2025

General line - 0115112241

මෙවර ජනාධිපතිවරණයට කිසිදු විදෙස් අතපෙවීමක් නැහැ : හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ




නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීම නියමිත ජනාධිපතිවරණය සඳහා කිසිදු ජාත්‍යන්තර අතපෙවීමක් සිදුනොවුණු ඇති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාත්‍යන්තර අතපෙවීමක් සිදු වෙනු ඇතිද යන්න සම්බන්ධයෙන් ද හින්දු පුවත් පතේ මාධ්‍යවේදියා විසින් නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා. 

එහිදී වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ රටක මැතිවරණයක් සඳහා එවැනි ජාත්‍යන්තර අතපෙවීමක් සිදුනොවෙනු ඇති බවත්, සදාචාරාත්මකව එය එසේ විය යුතු බවයි.

" රටේ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ගැටළුවක් නැහැ. නමුත් අපේ නව රජයේ අගමැතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂයි. ඔහුයි අපේ නායකයා වෙන්නේ. ඔහුගේ විධානයන් අපිට ගැලපෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනතාවගේ අධ්‍යාත්මික නායකයා" යැයි හිටපු අමාත්‍යවරයා පුවත්පත් සාකච්ජාවට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.

2015 වසරේදී පැවති ජනාධිපතිවරණයේදී එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා ඉන්දියාවේ රෝ ඔත්තු සේවය ඇතුළු සංවිධාන කිහිපයක් කටයුතු කල බවට චෝදනා කර සිටියා. 

" අපට විරුද්ධ පාර්ශ්වය සමග රෝ ඔත්තු සේවය හෝ වෙනත් සංවිධාන එක්ව සිටිය බවට මේ දක්වා මා ළඟ කිසිදු සාක්ෂියක් නැහැ. නමුත් අපට වැරදුනේ කොතැනද යන්න ගැන අපි හොදින් අවබෝධ කර ගත්තා. ඔවුන් අපේ රජය වෙනස් කරන්න කටයුතු කළා නම් අපි ඒ වැරැද්ද දැන් නිවැරදි කරලා තියෙන්නේ",  ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියා.

" ඉන්දියාව කියන්නේ අපේ පළමු මිතුරා, දේශපාලනිකව හා ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු වලදී අපි සැමවිටම ඉන්දියාව සමග එක්ව යා යුතුයි. නමුත් ආරථිකමය හා අනෙක් කාරණා වලදී අපිට චීනය අමතක කරන්න බැහැ" යැයි හිටපු අමාත්‍යවරයා ද හින්දු පුවත්පතට ප්‍රකාශ කර සිටියා.

" අපි සෑම මොහොතකම ජනතාව අමතන්නේ, භුමියේ සිටින ජනතාව සමග සම්බන්ධ වීමයි වැදගත්. මොකද ඉලක්කම් කියන්නේ ඉලක්කයක් විතරයි. මෙවර ජනාධිපතිවරණයේදී අපේ බලාපොරොත්තුව මිලියන 6.5ක ජන්ද ප්‍රමාණයක් ලබා ගන්න. ජනාධිපතිවරණය ජයගැනීම සඳහා සියයට 50 කට වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම වැදගත්. ඒ වගේමයි සුළු ජන කොටස්වල ජන්දයත් අපිට ඉතා වැදගත්. දෙමළ ජනතාවට සිදුවූ දේ අමතක කරන්න බැහැ. ඒ නිසා සිංහල හෝ දෙමල ජනතාව එකිනෙකාට සමාව දිය යුතුයි" හිටපු අමාත්‍යවරයා කියා සිටියා.