Friday, February 14, 2025

General line - 0115112241

සේරුනුවරදී අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ සමාජිකයාගේ අනාවරණයෙන් තවත් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ




සේරුනුවර ප්‍රදේශයේදී ඉකුත් 11වනදා යුද හමුදාව මගින් අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ සමාජිකයා හෙළි කළ තොරතුරු අනුව යාපනය කොන්ඩාවිල්, වරණි ප්‍රදේශයේ වලදමා තීබූ කිලෝ 15 බැගින් බර ක්ලේමෝ බෝම්බ දෙකක් සොයා ගෙන තිබෙනවා.

ඒ සැකකරු අනාවරණ කල තොරතුරු අනුව ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශය, අද (14) සිදුකල සෝදිසි මෙහෙයුමකදීයි. මීට පෙරද මෙම සැකකරුගේ කිලිනොච්චියේ පිහිටි නිවසේ තිබී අවිආයුධ විශාල ප්‍රමාණයක් සොයා ගැණූනා. අදාල නිවසේ සිටි සැකකරුගේ බිරිද සහ සහෝදරියද පොලිසිය විසින් එහිදී අත්අඩංගුවට ගනු ලැබුවා.