Friday, February 14, 2025

General line - 0115112241

පානදුරේ කර්මාන්ත ශාලාවක ගින්නක්




පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ පිහිටි මෙට්ට සාදන කර්මාන්තශාලාවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කර සිටියේ ගින්නෙන් එම කර්මාන්තශාලාවට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි.

මොරටුවසහ කළුතර ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් විසින් මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.