Friday, February 14, 2025

General line - 0115112241

වවුනියාවේ සෝදිසි කිරීම් දැඩි කරයි (PHOTOS)

දිනසේන රතුගමගේ




හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගේ කිළිනොච්චියේ පිහිටි නිවසකින් බෝම්බ, ස්වයංක්‍රීය ගිණි අවි ඇතුළු ආයුධ රැසක් හමු වීමත් සමගම වවුනියාවෙන් උතුරට හා උතුරෙන් වවුනියාව හරහා දකුණට යන එන වැසියන් හා වාහන දැඩි ලෙස පරීක්ෂා කිරීමට ආරම්භ කර ඇති බව nethnews.lk වාර්තාකරු සඳහන් කරනවා. 

වවුනියාවේ මෙතෙක් පැවති ආරක්ෂක මාර්ග බාධකවලට අමතරව තවත් අමතර මාර්ග බාධක කිහිපයක්ම යොදවා ඇති අතර ඒවාටද අමතරව හදිසියේ කෙරෙන පරීක්ෂා කිරීම් දැඩි කොට ඇති බවයි පෙන්වා දෙන්නේ.

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා ඔහුට අයත් කිළිනොච්චිය නිවසේ සිට ටී -56 වර්ගයේ ගිණි අවියක් කන්තලේ දක්වා රැගෙන ගොස් ඇති අතර ඔහු කිළිනොච්චියේ සිට කන්තලේ දක්වා එම ගිණි අවිය රැගෙන ගියේ කුමන කාරණයක් සඳහාද යන්න මෙතක් හෙළි වී නොමැති බවයි වාර්තා වෙන්නේ.

එම හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා අත්අඩංගුවට ගැනීමත් සමගම මේ අන්දමට තවත් අවි ආයුධ සඟවා ගෙන සිටින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ඔවුන් ආයුධ සඟවා ඇති ස්ථානවලින් වෙනත් ප්‍රදේශ වෙත අවි ආයුධ රැගෙන ගොස් සැගවීමට ඉඩ ඇති නිසා වවුනියාව ප්‍රදේශයේ මෙලෙස පරීක්ෂා කිරීම් දැඩි කොට ඇති බවද වාර්තා වුණා.