Friday, February 14, 2025

General line - 0115112241

ජනහමුවලදී එල්ල වෙන විරෝධය ගැඹුරින් තේරුම් ගැනීම අවශ්‍යයි - ශ්‍රීලනිපය කියයි




ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ සිය පක්‍ෂය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම එළඹෙන 19 වැනිදා සිදු කෙරෙන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු මෙම කරුණු අනාවරණ කළා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවලදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ට එල්ලවන විරෝධයන් සම්බන්ධයෙන්ද ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපතිවරයාගෙන් නෙත් නිවුස් කරුණු විමසීමක් කළා.

එහිදී කියා සිටියේ "පක්ෂය ඇතුළේම මේ විරෝධතා දිගින් දිගටම මතුවෙන ආකාරය දකින්න පුළුවන්. ඒ නිසා මේ කාරණාව ගැන අපි අවධානය යොමු කරලා තියෙන්නේ. පක්ෂ නායකයින්ගේ කමිටුවේදීත් මේ කාරණාව අපි සාකච්ඡා කළා. මේ ගැන ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීම සහ දැනුවත් කිරීම, මේවා වැලැක්වීම සඳහා කටයුතු කරනවා. මේකෙදි අපි තේරුම් ගන්න අවශ්‍යයි ඒ සිදු වෙන්නේ පක්ෂයටද? ඒ ඒ අපේක්ෂකයාටද? කියන එක. ඒ විරෝධතාවය ගැඹුරින් තේරුම් ගැනීම අවශ්‍යයි." යනුවෙනි.