ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියළුම අපේක්‍ෂකයන්ට භාරදීම සඳහා උතුරේ දෙමළ දේශපාලන පක්‍ෂ 6 ක් පිළියෙල කරන ලද සංදේශයකට එම දේශපාලන පක්‍ෂවල නියෝජිතයින් අත්සන් තබා තිබෙනවා.
එම සංදේශය මගින් දක්වා ඇත්තේ උතුරු නැගෙනහිර පළාත්වල ජීවත් වන දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳවයි.
ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරනු ලබන ඕනෑම අපේක්‍ෂකයෙකුගෙන් ඉටු කර ගැනීමට අපේක්‍ෂිත කරුණු එහි දක්වා තිබෙනවා.
ඉලංකෙයි තමිල් අරුසු පක්‍ෂය, දෙමළ ජාතික ජනතා පෙරමුණ හා දෙමළ ජනතා සන්ධානය ඊට අත්සන් තබා ඇති පක්‍ෂ කිහිපයක්. EPRLF, ටෙලෝ, සහ ප්ලොට් යන සංවිධානද ඊට අත්සන් තබා තිබෙනවා.
මෙම සංදේශය ඉදිරියේදී ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන් වෙත භාරදීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.