Friday, February 14, 2025

General line - 0115112241

බාධා නැති මැණික් කර්මාන්තයක් ඇති කරන හැටි සජිත් පෙන්වයි




මෙරට මැණික් කර්මාන්තයේ පවතින ගැටළුවලට විසදුම් ලබාදී පරිසර හිතකාමී විධිමත් කර්මාන්තයක් බවට එය පත් කරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

පැල්මඩුල්ල නගරයේ පැවති ජන රැළියකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.   

ඉකුත්දා පැවති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ රැළියකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්නට මුහුණපෑමට සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන්ද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මෙහිදී අදහස් පළ කළා.

එහිදී "අපි මොනවා කළත් විනයානුකූල වෙන්න ඕනේ. කවුරු මොන කතා කිව්වත් ජෝන් සෙනෙවිරත්න ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් හැටියට එදා පොහොට්ටුවේ රැස්වීමට ගිහිල්ලා හූ හඬට එතුමා ලක් වුණා. ඒ දේශපාලනය වැරදියි. හැබැයි විහිලු සහගත කාරණාව මොකක්ද?.. ජෝන් සෙනෙවිරත්න මැතිතුමාට හූ කියපු ලමිස්සිම ඇවිල්ලා කියනවා 'අනේ කරන්න එපා.. අනේ කරන්න එපා' කියලා. මරු විහිලුව. ඔක්කොම සෙට් කරලා තිබුණේ. යටින් පණිවුඩය යනවා ඇති තරම් හූ කියන්න කියලා. මෙන්න පොහොට්ටුවේ දේශපාලනය. මම කියන්න කැමතියි ජෝන් සෙනෙවිරත්න මැතිතුමනි ඔය යල්පැනගිය ගමන යන්න එපා. තරුණ සජිත් සමග එකතු වෙන්න එන්න කියලා. " යනුවෙන් සඳහන් කළා.