Friday, February 14, 2025

General line - 0115112241

පිටු 43 කින් යුත් ගෝඨාභයගේ පුරවැසිභාවයේ දීර්ඝ නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරේ

අධිකරණ වාර්තාකරු




ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනුකළ රිට් පෙත්සමේ සම්පූර්ණ තීන්දුව අභියාචනාධිකරණය අද (15) ප‍්‍රකාශයට පත් කළා.

එහිදී අභියාචනාධිකරණ සභාපති, විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් ඉකුත් ඔක්තෝබර් 04 වැනිදා එම පෙත්සම විභාගයට නොගෙන නිශ්ප‍්‍රභා කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් හේතු දක්වමින් පිටු 43 කින් යුත් දීර්ඝ නඩු තීන්දුව ප‍්‍රකාශයට පත්කරනු ලැබුවා.

මෙම පෙත්සමට එරෙහිව ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාවල දක්වා තිබුණේ කැබිනට් මණ්ඩලය පත් නොකරන අවස්ථාවකදී ජනාධිපතිවරයාට එම අමාත්‍ය ධුරවල කටයුතු කිරීමට බලතල ඇති බවයි. විත්තිකාර පාර්ශ්වය ඉදිරිපත් කළ එම කරුණ පිළිගන්නා බවයි අභියාචනාධිකරණය එහිදී සඳහන් කළේ.

මෙම පෙත්සමේ වගඋත්තරකාර පාර්ශ්වයක් ලෙස  ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නම් නොකිරීම සම්බන්ධයෙන්ද විත්තිකාර පාර්ශ්වය මූලික විරෝධතා දක්වා තිබුණා.

එම කරුණද පෙත්සම නිෂ්ප‍්‍රභා කිරීමට එක් හේතුවක් ලෙස පිළිගත හැකි බවයි අභියාචනාධිකරණය වැඩිදුරටත් සඳහන් කළේ.