Friday, February 14, 2025

General line - 0115112241

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලට ඉන්දියාවේ සිට ගුවන් යානයක් (PHOTOS)

දිනසේන රතුගමගේ - වවුනියාව




ඉන්දීය ගුවන් සේවයේ විශේෂඥයින් කීප දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් අද (15) වනදා දහවල් ඉන්දියාවේ චෙන්නායී නුවර සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණි බව අප වාර්තාකරු සඳහන් කර සිටියා.

පර්යේෂණ ගුවන් ගමනක් වශයෙන් මෙම ගුවන් යානය පැමිණි අතර එම යානයෙන් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි විශේෂඥයින් විසින් ගුවන් තොටුපලේ ධාවන පථය ඇතුළු සෙසු අංග පිළිබදව  පරීක්ෂා කිරීමක්ද මේ සංචාරයේදී සිදුව තිබෙනවා.

ඔක්තෝබර් මස 17 වෙනිදා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත වන්නේද ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මේ ආකාරයට ගුවන් යානයක් පලාලී ගුවන් තොටුපල වෙත පැමිණීමත් සමග බවයි අප වාර්තාකරු පැවසුවේ.