Friday, February 14, 2025

General line - 0115112241

කාන්තා ක්‍රිකට් වෙනුවෙන් වෙන්කරන මුදල වාර්තාගත ලෙස ඉහළට




කාන්තා ක්‍රිකට් තරග වෙනුවෙන් ලබාදෙන මුදල් වැඩිකිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව දැනට වෙන්කර ඇති මුදලට වඩා අමෙරිකානු ඩොලර් මිලියන 2.6 ක මුදලක් ඒ සඳහා වෙන් කෙරෙනු ඇති.

2018 වසරට සාපේක්ෂව 2020 දී එලෙස වෙන් කරන මුදල සියයට 320 කින් වැඩිකරනු ඇති බව ක්‍රීඩා මාධ්‍යයන්හි සඳහන්. ලබන වසරේ පැවැත්වෙන පන්දුවාර 20 කාන්තා ලෝක කුසලානයේ ජයග්‍රාහකයින්ට පිරිනැමීමට අපේක්ෂිත ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියනයක්.

අනුශූරතාව දිනා ගන්නා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 50,000 ක් පිරිනැමෙනවා. මෙම මුදල 2018 වසරේදී ලබා දුන් මුදලට වඩා 05 ගුණයක වැඩිවීමක් බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළා.