අද (15) රාත්‍රීයේ ද ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු සහිත ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි ඉඩකඩක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව යන පළාත්වලටත්, ගාල්ල, මාතර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලටත් තද වැසි ඇදහැලෙනු ඇති.
බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 100 ක තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ. ගිගිරුම් සහිත වැසි සමග පැයට කිලෝ මීටර් 80 ක කෙටි කාලීන තද සූළං ද ඇතිවිය හැකි බව ප්‍රකාශ කෙරුණා.