Friday, February 14, 2025

General line - 0115112241

තමන් දේශපාලන රූකඩයක් නොවන බවට සජිත්ගෙන් ප්‍රකාශයක්




තමන් කිසිලෙසකින් හෝ දේශපාලන රූකඩයක් නොවන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු පෙන්වාදෙන්නේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු තමන්ව පාලනය කරන්නේ මේ රටේ ජනතාව බවයි. 

" මේ රටේ අති මහත් බහුතරයකට පවුල් බලයක් හෝ ධන බලයක් නැහැ. නමුත් මේ රටේ ජනතාව බහුතර බලයක් ජනබලය අතේ තියන් ඉන්නවා. මම කාගේවත් දේශපාලන රූකඩයක් නෙමෙයි. එක් එක් කෙනාට යට උනු වහල් අපේක්ෂකයෙක් නෙමෙයි මම. මේ ජනාධිපතිවරණය ජය ගත්තම මාව පාලනය කරන්නේ මේ රටේ පයගහලා ඉන්න පුංචි මිනිස්සු වෙන ඔබලා" සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා කියා සිටියා.

තමා නිරන්තරයෙන් පොදුජනතාවගේ හදගැස්ම තේරුම් ගෙන කටයුතු කරන බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළ කළේ දැරණියගල ප්‍රදේශයේ පැවැති ජන රැළියකට අද (15) එක්වෙමින්.