ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින සියලුම ජනාධිපති අපේක්ෂකයින් සඳහා උපරිම ආරක්ෂාව සැපයීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරක්ෂක ප්‍රධානින් වෙත අද (15) උපදෙස් ලබාදී තිබෙනවා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් වන උපදෙස් ලබාදී ඇත.