Friday, February 14, 2025

General line - 0115112241

සටන ඇත්තේ පක්ෂ දෙකක් අතරේ නොවෙයි, ප්‍රතිපත්ති දෙක මතයි : තිස්ස අත්තනායක




එළඹෙන ජනාධිපතිවරණයේ සටන ඇත්තේ පක්ෂ දෙකක් අතර නොව ප්‍රතිපත්ති 02 ක් අතර බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මේ බව පැවසුවේ කොළඹ අද (15) පැවැති මාධ්‍ය හමුවකදීයි.

මෙම මාධ්‍ය හමුවට එක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 

මේ, එම මාධ්‍ය හමුවට එක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර.