Sunday, May 5, 2024

General line - 0115112241

අද උදෑසන පාසල් ළමුන් සහ දෙමව්පියන් කලබලයට පත් කළ වාහනය ගැන තොරතුරු ලැබේ




 

මට්ටක්කුලිය පොලිස් වසමේ ක්‍රිස්තියානි පල්ලියක් සහ ඊට යාබදව ඇති පාසලක් අසළ සැකකටයුතු වාහනයක් තිබෙන බවට මට්ටක්කුලිය පොලිස් ස්ථානයට තොරතුරක් ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව පරීක්ෂා කළ බව පොලිසිය සඳහන් කළා.

සුඛෝපභෝගී මෝටර් රථයක් මෙලෙස ඊයේ (15) රාත්‍රියේ කාර්මික දෝෂයකට ලක්ව අයිතිකරු විසින් එම ස්ථානයේ තබා ගොස් ඇති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.

අද (16) උදෑසන පාසලට ශිෂ්‍යයින් පැමිණෙන අවස්ථාවේදී එය දැක ශිෂ්‍යයින් සහ දෙමාපියන් කලබලයකට පත්ව තිබෙනවා. මේ වන විට  එම වාහනයේ අයිතිකරුද එම ස්ථානයට පැමිණ ඇති අතර මේ පිළිබඳ නොයෙකුත් අසත්‍ය ප්‍රචාර පැතිරෙමින් ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

එහි කිසිම සැක කටයුතු තත්ත්වයක් නොමැති බවයි පොලිසිය වැඩි දුරටත් අවධාරණය කරන්නේ.

මේ අතර කොළඹ මෝදර ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් අසල සැක කටයුතු වාහනයක් සහ  ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ පාසලක් අසල සැක කටයුතු පාර්සලයක් ඇති බවට පැතිරි යන කටකතා අසත්‍ය බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු පවසනවා.

මේ සම්බන්ධයෙන් අද උදෑසන සිට විවිධ කට කතා පැතිරෙමින් යන බවත් ඒ සියල්ල අසත්‍ය ඒවා බැවින් මහජනතාව අනියත බියක් ඇති නොකර ගත යුතු බවයි ඔහු සඳහන් කර සිටියේ.