ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම සදහා ඡන්දය ප‍්‍රකාශ කිරීමට ජනතාව දැක්වූ උනන්දුව අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී සියයට 85 ක පමණ ප‍්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවක් ලැබෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති මහින්ද දේශපි‍්‍රය මේ බව සදහන් කළේ මැතිවරණ කොමිෂන් සභාවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
රාජකාරී වේලාවන්වලදී රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ ති‍්‍රවිධ හමුදා නිලධාරීන් දේශපාලන කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.
එමෙන්ම ජනාධිපතිවරණය සදහා වැය වන මුදල රුපියල් කෝටි 700 ක් දක්වා වුවද වැඩි විය හැකි බවද මෙහිදී සඳහන් කෙරුණා.
මෙවර ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප‍්‍රතිඵලය නොවැම්බර් 17 වනදා දහවල් 12 ට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.