Thursday, February 13, 2025

General line - 0115112241

මහාපරිමාණ කෘතීම රා නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය හිමිකරුට ලියාපදිංචි බලපත්‍රයකුත්  




හලාවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහාපරිමාණ නීතිවිරෝධී කෘතීම රා නිෂ්පාදනාගාරයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් වටලා තිබෙනවා. ලියාපදිංචි බලපත්‍රයක් හිමි මෙහි හිමිකරු නීතිවිරෝධීව මෙම කෘතීම රා නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. 

මෙහි තිබී කෘතීම රා ලීටර් 40000ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැණුනු සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හලාවත සුරාබදු කාර්යාලය වෙත භාරදී ඇති අතර සැකකරුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.