Saturday, May 4, 2024

General line - 0115112241

දැන් පැවැත්වෙන විම්බල්ඩන් තරගාවලියේ ආරක්ෂකයා කුරුල්ලෙක්



රූෆස් නම් උකුස්සෙක් පිළිබඳව මේ දිනවල ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

 

ඒ එංගලන්තයේ පැවැත්වෙන විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය පිළිබඳ ප්‍රචාරක දැන්වීමක එම කුරුල්ලා ද පෙනී සිටීම නිසයි.

 

රූෆස් විම්බල්ඩන් පවුලේ ගෞරවනීය සාමාජිකයෙක් වන අතර උගේ රැකියාව පරවියන්ව එලවීමයි.

 

මේ විම්බල්ඩන් තරගාවලිය පවත්වන All England Lawn Tennis and Croquet Club ටෙනිස් ක්‍රීඩාපිටි 19කින් සමන්විත ඉතා විශාල එකක් බවයි පැවසෙන්නේ.

 

අක්කර 42ක් පුරා පැතිරී ඇති මෙම ක්‍රීඩා සංකීර්ණයම කුරුල්ලන්ගෙන් ආරක්ෂා කරන්නේ රූෆස් බව බලධාරීන් පවසනවා.

 

රූෆස්,හැරිස් වර්ගයේ උකුස්සෙක් වන අතර ඊට පෙර මෙම රාජකාරියේ නිරත වී ඇත්තේ හැමිශ් යන නමින් හැඳින්වූ උකුස්සෙක් බව විම්බල්ඩන් තරගාවලි ඉතිහාසයේ සඳහන් වනවා.

 

වසර 2000 සිට රැකියාවේ නිරත වන රූෆස්ගේ සේවා කාලය වසර 15කටත් අධිකයි.

 

රූෆස් විම්බල්ඩන් තරගාවලිය සඳහා විශේෂයෙන්ම ආරක්ෂාව සපයන අතර විවිධ රෝහල් වල පවා සේවයට එක් වනවා.

 

බ්‍රිතාන්‍යයේ පැවැති රාජකීය විවාහ මංගල්‍යය උත්සවයේ මංගල පූජාව පැවැත්වූ වෙස්ට්මිනිස්ටර් පල්ලියේද එම දවස් කිහිපයේ සේවය කිරීමට හා 2012 ඔලිම්පික් තරගාවලියේ ටෙනිස් තරග පරවියන්ගේ බලපෑමෙන් නිදහස් කිරීමට රූෆස් වාසනාවන්ත වී තිබෙනවා.

 

උදෑසන 5ට අවදි වන රූෆස් ස්නානය කිරීමෙන් අනතුරුව All England Lawn Tennis ක්‍රීඩා සමාජයේ තම ගුවන් රාජකාරි කටයුතු හි නිරත වනවා.

 

රූෆස් කිසිදු අවස්ථාවක පරවියන් ට කිසිඳු හානියක් සිදු නොකර පරවියන්ව මෙම සීමාවෙන් පිටතට එළවා දමන බවයි පැවසෙන්නේ.

 

ඩේවිස් පවුල රූෆස්ගේ අයිතිකරුගේ පවුල වන අතර ඔවුන් සතුව තවත් උකුස්සන් 5 දෙනකු සිටියත් රූෆස් ඔවුන්ගේ නායකයායි.

 

රූෆස්ගේ ප්‍රියතම ආහාරය වන්නේ වටු කුරුල්ලන් වන අතර ප්‍රියතම ටෙනිස් ක්‍රිඩකයා රෆායල් නඩාල් බවයි පැවසෙන්නේ.

av-16-2 av-16-1