Thursday, May 2, 2024

General line - 0115112241

කුණු අදින්න පොලිසිය යොදවා නැහැ.- අගමැතිගෙන් පැහැදිලි කිරීමක්

හේරත් ඒකනායක - මහනුවර




කැළි - කසළ ඉවත් කිරීම සඳහා පොලිසිය යොදවා ඇතැයි ඇතැම් පිරිස් කරන චෝදනා සත්‍යයෙන් තොර බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ මහනුවරදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින්. 

" අපි කිසිම වෙලාවක කියලා නැහැ පොලිසියට කුණු ඉවත් කරන්න කියලා. පොලිස් පරිසර ඒකකයක් තියෙනවා. ඒ අයට රාජකාරියක් පැවරිලා තියෙනවා හරියට කුණු ඉවත් කිරීම් කරලා නැත්නම් අදාළ නගර සභාවට හෝ ප්‍රාදේශීය සභාව දැනුවත් කරලා ඒ කුණු ඉවත් කරන්න කටයුතු කරන්න අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න කියලා. මුරලිදරන් සංගක්කාර වැනි ක්‍රිකට් ක්‍රීඩකයින් කුණු ඉවත් කිරීමේ ශ්‍රමදාන සිදුකරනවා ජනතාව එක්ක එකතු වෙලා. ඒකට මේවා සම්බන්ධ නැහැ" යැයි අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යයාලයේ නිලධාරිනියක පැහැර ගෙන ගොස් තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෙහිදී ප්‍රශ්න කෙරුණා. ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඒ පිළිබඳ විමර්ශන තවදුරටත් සිදු වන බවයි.