Monday, April 29, 2024

General line - 0115112241

සුළි කුණාටුවකින් පිලිපීනයේ 16 දෙනෙකුට දිවි අහිමි වෙයි




පිලිපීනයට බලපෑ අර්සුලා සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 16 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පැයට කිලෝ මීටර් 195 කට අධික වේගයෙන් හමා යන මෙම කුණාටුවත් සමග අධික වර්ෂාපතනයක් සහ නායයෑම් ද වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

කුණාටුවෙන් පුද්ගලයින් 2351 දෙනෙකුට බලපෑම් සිදුව තිබෙනවා. තාවකාලික මධ්‍යස්ථානවල රදවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 1650 කට අධිකයි.

සුළි කුණාටුව බලපැවැත්වෙන ප‍්‍රදේශවලින් පුද්ගලයින් 58,400 දෙනෙකු ඉවත් කිරීමටයි පිලිපීන බලධාරීන් පියවර ගෙන ඇත්තේ. එරට නගර 87 කට විදුලි බලය ද ඇණහිට තිබෙනවා.

මීට පෙර 2013 වසරේදී පිලිපීනයට බලපෑ සුළි කුණාටුවකින් පුද්ගලයින් 6000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.